අලුත් Crypto Projects වලින් සල්ලි හොයන්නේ කොහොමද?
Crypto ලෝකෙට අලුතින් එන කෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, "ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්ද?" කියන එක. කෙටි උත්තරය තමයි - ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්!
හැබැයි මේක නිකන්ම අහසින් සල්ලි වැටෙන වැඩක් නෙවෙයි. අලුතින් මාකට් එකට එන Crypto Projects වලට එයාලගේ ගමන පටන් ගන්න අපේ උදව් ඕනේ. අන්න ඒ වෙනුවෙන් එයාලා අපිට ලොකු Rewards (Airdrops) ලබා දෙනවා.
Cryptohoru අපි අද ඔයාලට කියන්න යන්නේ මේ විදිහට අලුත් ප්‍රොජෙක්ට් වලින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවාද, අලුත් Airdrops හොයාගන්නේ කොහොමද සහ මේ වැඩේට බහින්න කලින් ලෑස්ති කරගන්න ඕනේ දේවල් මොනවාද කියලයි.
💰 මුදල් හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම
මේ වැඩේ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. අලුතින්ම ආපු දේවලුත් එක්ක අපි ඒවා එකින් එක බලමු.
1. Testnet (සතයක්වත් වියදම් වෙන්නේ නැති ක්‍රමය) 🆓
අලුත් Crypto project එකක් (උදාහරණයක් විදිහට අලුත් Exchange එකක්) මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්න කලින්, එයාලා ඒක හරියට වැඩද කියලා Test කරනවා.
- මෙතනදි අපි අපේ සල්ලි පාවිච්චි කරන්න ඕනේ නෑ. එයාලම අපිට බොරු සල්ලි (Test Tokens) දෙනවා පාවිච්චි කරලා බලන්න.
- අපිට තියෙන්නේ ඒ සයිට් එකට ගිහින් ඒ දෙන බොරු සල්ලි වලින් swap කරලා, features වැඩද කියලා බලන එකයි. මොනවා හරි අවුලක්/Bug එකක් තියෙනවා නම් එයාලට කියන්න පුළුවන්.
- ප්‍රොජෙක්ට් එක සාර්ථකව Live ආවට පස්සේ, එයාලව මුලින්ම ටෙස්ට් කරපු අපිට එයාලගේ සැබෑ Tokens නිකම්ම (Reward එකක් විදිහට) දෙනවා.
2. Mainnet (පොඩි ගාණක් යයි, හැබැයි ලාභෙ ගොඩක් වැඩියි) 💸
මෙතනදි Project එක දැනටමත් Live ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එයාලට users ලා මදි.
- ඉතින් එයාලා බලනවා මුලින්ම එයාලගේ Platform එක පාවිච්චි කරන අය කවුද කියලා.
- මෙතනදි අපිට අපේම සැබෑ Crypto (උදා: $5, $10 වගේ) පාවිච්චි කරලා ගණුදෙනු කරන්න වෙනවා. Fees වලට පොඩි ගාණක් කැපෙනවා.
- මේකට සල්ලි යන නිසා ගොඩක් අය කරන්නේ නෑ. අන්න ඒ නිසාම, මේවා කරන අයට අනාගතයේදී ලක්ෂ ගණන් වටින Airdrops හම්බවෙන සම්භාවිතාව ගොඩක් වැඩියි.
3. P2E Games (ගේම් ගහලා සල්ලි හොයමු) 🎮
සෙල්ලම් කරන ගමන් සල්ලි හොයන්න පුළුවන් නියම ක්‍රමයක් තමයි Play-to-Earn (P2E) කියන්නේ.
- අලුතින් එන Crypto Games ප්ලේ කරලා, ලෙවල් අප් කරලා අපිට Crypto හොයන්න පුළුවන්.
- හොඳ project එකක් සෙට් වුණොත්, ගේම් එක ප්ලේ කරනවාට සැලකිය යුතු ලොකු Reward එකක් ලබාගන්න පුළුවන්.
4. Quests & Bounties (Galxe / Zealy / Layer3) 🎯
මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය ක්‍රමයක් තමයි මේක. Projects වලින් එයාලගේ කට්ටිය වැඩි කරගන්න එක එක Platforms පාවිච්චි කරනවා.
- අපිට තියෙන්නේ Galxe, Zealy වගේ සයිට් වලට ගිහින් එයාලා දෙන පොඩි පොඩි ටාස්ක් (Twitter follow කරන එක, Post එකකට Like දාන එක, Telegram Group එකට join වෙන එක) කරන එකයි.
- මේවා කරාම අපිට Points (XP) හම්බවෙනවා. අන්තිමට ඒ Points ගාණට හරියන්න අපිට Crypto Rewards දෙනවා.
5. Telegram Bots & Mini Apps 🤖
Notcoin, Hamster Kombat වගේ Telegram හරහා ආපු projects ගැන ඔයාලා අනිවාර්යයෙන් අහලා ඇති.
- මේවා කරන්න වෙනම ඇප් ඕනේ නෑ. Telegram එක ඇතුලෙම ටැප් කරලා, පොඩි පොඩි ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන්. මේ දවස්වල හොඳම Trend එකක් මේක.
6. Giveaways & Social Media Events 🎁
ටෙලිග්‍රෑම් සහ ට්විටර් හරහා නිතරම වගේ Giveaways තියෙනවා. මේවා ප්‍රධාන වශයෙන් දෙවිදිහක් තියෙනවා:
- FCFS (First Come First Serve): මුලින්ම ටාස්ක් එක ඉවර කරන කට්ටියට විතරක් දෙන ඒවා. (මේවට ඉක්මන් වෙන්න ඕනේ).
- Random Winners: අහඹු ලෙස තෝරාගන්නා අයට විතරක් දෙන ඒවා (වාසනාව මත තීරණය වෙයි).
7. AMA (Ask Me Anything) Sessions 🎙️
Projects වල අයිතිකාරයෝ ඇවිත් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන Live Audio/Video meetings තමයි AMA කියන්නේ.
- මේවා තියෙන්නේ Twitter Spaces, Discord හෝ Telegram වල. මේවට සහභාගී වෙලා ප්‍රශ්න අහන අයට සහ ලයිව් ඉන්න අයට එයාලා Rewards දෙනවා.
- දැන් මේවා කරන අය ටිකක් වැඩි නිසා තරඟය වැඩියි, ඒත් දිගටම උත්සහ කළොත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්.
🔍 අලුත්ම Airdrops සහ Projects හොයාගන්නේ කොහොමද?
මේ වැඩේදී අලුත් දේවල් ගැන Update එකේ ඉන්න එක ගොඩක් වැදගත්. මේ තියෙන්නේ හොඳම Airdrops සහ Projects හොයාගන්න පුළුවන් තැන් කිහිපයක්:
1. CryptoRank Drop Hunting CryptoRank සයිට් එකේ (cryptorank.io) තියෙන Drop Hunting කියන section එකට ගියාම අලුතින්ම එන Airdrops, Testnets සහ Bounties ගැන ඔක්කොම විස්තර එකම තැනකින් බලාගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ ඉන්න ආයෝජකයින් කවුද, කොච්චර සල්ලි (Fundraising) හොයාගෙන තියෙනවද කියලත් පෙන්නන නිසා හොඳම projects තෝරගන්න මේක මාරම වටිනවා.
2. ලංකාවේ Crypto Telegram Channels ලංකාවේ අපේම අය කරන මේ Channels වලට Join වුණොත් ඔයාට අලුත් Airdrops ගැන සිංහලෙන්ම පැහැදිලි කිරීම්, Step-by-step guides සහ අලුත්ම Updates ලේසියෙන්ම ලබාගන්න පුළුවන්. මේවා අනිවාර්යයෙන්ම Follow කරලා තියාගන්න:
3. වෙනත් වැදගත් ක්‍රම (Bonus Methods):
- DefiLlama (Airdrops Section): තාමත් තමන්ගේම කියලා Tokens නිකුත් කරපු නැති, හැබැයි අනාගතයේදී Airdrops දෙන්න පුළුවන් ලොකු Platforms හොයාගන්න තියෙන හොඳම තැනක් තමයි DefiLlama කියන්නේ.
- Airdrops.io: මේකත් ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. මේකෙත් අලුත් Airdrops 100% නොමිලේ දෙන ඒවා, Holder Airdrops වගේ කොටස් වලට බෙදලා ලස්සනට ලිස්ට් කරලා තියෙනවා.
- Twitter (X) භාවිතා කිරීම: ලෝකෙටම අලුත් දේවල් මුලින්ම එන්නේ Twitter එකට. Twitter එකේ #Airdrop, #Testnet, #Alpha වගේ Tags search කරන්න. ඒ වගේම ප්‍රසිද්ධ Airdrop hunters ලාව Follow කරලා තියාගන්න.
🛠️ වැඩේ පටන් ගන්න කලින් හදාගන්න ඕනේ දේවල් (Starter Pack)
මේ වැඩ ටික කරගෙන යන්න ඔයාගේ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ආයුධ ටිකක් තියෙනවා. PC එකක් තියෙනවා නම් මේවා Chrome Extensions විදිහට දාගන්න. ෆෝන් එකෙන් කරනවා නම් Mises Browser හෝ Kiwi Browser එක දාගෙන මේවා Extensions විදිහට ඇඩ් කරගන්න.
1. Crypto Wallets (සල්ලි දාගන්න පර්ස් එක) 👛
- MetaMask Wallet: අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. (Ethereum, BSC, Polygon වගේ Network වලට)
- Keplr Wallet: Cosmos පැත්තේ ප්‍රොජෙක්ට් කරන්න.
- Phantom Wallet: Solana Network එකේ ප්‍රොජෙක්ට් කරන්න.
2. Social Media Accounts (අපේ වැඩපොළ) 📱
- Twitter (X): Projects ෆලෝ කරන්න, අලුත්ම නිවුස් බලන්න සහ Retweet කරන්න.
- Telegram: Projects වල ගෘප් වලට ජොයින් වෙන්න.
- Discord: අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. ගොඩක් projects වල වැදගත්ම දේවල් වෙන්නේ Discord එක ඇතුලේ.
🚨 ආරක්ෂාව පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමයි! (Cryptohoru Safety Tips)
Crypto ලෝකේ සල්ලි වගේම හොරුත් ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ දේවල් අනිවාර්යයෙන් මතක තියාගන්න:
- Recovery Phrase එක රකින්න: ඔයා Wallet එකක් හදද්දි දෙන වචන 12 හෝ 24 (Seed Phrase) කිසිම දවසක, කිසිම කෙනෙකුට, කිසිම සයිට් එකකට දෙන්න එපා! ඒක දුන්නා කියන්නේ ඔයාගේ සල්ලි ඉවරයි. ඒක කොළයක ලියලා පරිස්සම් කරගන්න.
- Scam Links: නොදන්නා අය එවන ලින්ක් ක්ලික් කරන්න එපා.
- Burner Wallets පාවිච්චි කරන්න: ඔයාගේ ප්‍රධාන සල්ලි (Holdings) තියෙන Wallet එකෙන් මේ Airdrop/Testnet වැඩ කරන්න එපා. මේ වැඩ වලටම කියලා වෙනම අලුත් Wallet එකක් හදාගන්න.